ඒන්ජල්......
එය සුන්දර සිංහරාජයයි! ජීවිතය අරමුණකින් තොරව ගලා ගිය කාල සීමාවක සිංහරාජයේ සුන්දරත්වය විඳිනු වස් ගියෙමි.අනුරාධපුරයේ සිට කලවාන හරහා සිංහරාජයට වූ වෙහෙසකර ගමන නිසාවෙන් ගත මහත් විඩාවකට පත්ව තිබූ නමුදු සිත නම් පෙරටත් වඩා පිබිදුණු සෙයක් හැඟුණි.ඒ මනස්කාන්ත සිංහරාජයට සිත වශී වී තිබූ නිසාවෙනි.දින දෙකක චාරිකාවක් වූ හෙයින් අප සිංහරාජ සොඳුරු නවාතැනෙහි ලැගුම් ගන්නට ඒ වන විටත් තීරණය කොට තිබුණි.තරමක් ඉහල භූමියක පිහිටා තිබූ එම නවාතැනෙහි සිට පහල බැලූ විට මන්ස්කාන්ත දිය කොමළියකි. "යමුද මචං නා ගන්නවත්...?" මහත් විඩාවට පත්ව තිබූ ගත ඒ වන විට සිහිල් දිය බිඳක පහස අයදිමින් තිබූ නිසාවෙන් අප නඩයේ තරුණයින් පිරිස දියට බසින්නට විය. විශ්මයකි! "තාරුණ්‍ය විසින් වෙලා ගත් දඩබ්බර කොලු හිතක් තනිකම අරක් ගෙන නිරුදක කතරක් වූ කල ආදරය නම් සීත පවනැල්ල මුසු වූ සුන්දර මල් සුවඳ එබිකම් කරන කල දැනෙන සුවය කෙතරම් මිහිරිද...." සීත දිය මැද පිපි සුන්දර පියුමක් වන් ආගන්තුක සොඳුරු රුවක් මාගේ නෙතු පැහැර ගෙන තිබුණි.. සීතල දිය විසින් ඇඟට ඇලවූ දිය රෙද්දත්,ඉන දක්වා කඩා