Posts

Showing posts with the label මම..මගේ සිත..

කොහොමද මගේ සිතුවිලි උල්පත උපදින්නේ.....

Image
ජීවිතය මහා පුදුමාකාරයි.මුතු ඇටේ ඇටේ එකතු කරලා ලස්සන මුතු මාලයක් අමුණනවා වගේ අපිත් අත්දැකීම් චුට්ට චුට්ට එකතු කරලා ලස්සන ජීවිතයක් අමුණන්න උත්සාහ කරනවා මුලු ජීවිතය පුරාවටම...මුතු බෙල්ලෙක් ඒ මුතු ඇටය බිහි කරන්න වැලි කැටයත් එක්ක පුදුම සටනක් තමා දෙන්නේ.ඒ වගේම අපිත් ජීවිතයේ අත්දැකීම් එකතු කර ගන්න සටන් කරන්න ඕන ලොකයත් එක්ක. මගේ සිත් වැව් තලේ ‍රැලි දෙන කවි සිතුවිලි පන්හිඳ අගට අරන් පත් ඉරු සරසන එකත් මට නම් මහා සුන්දර අත්දැකීමක්.ඒක ජීවිතේ එක වෙලාවකදී සිතේ ගැඹුරුම කලබලකාරී තැන මහා හාස්කමකින් වගේ සන්සුන් කරනවා.හරියට නිර්මල බුදු දහම වගේ.ඒ කියන්නේ කවියත් එක්තරා දර්ශනයක්.මගේ ජීවිතේ කව්රුවත් නැතුව මම තනි වෙච්ච වෙලාවට මගේ ලඟින්ම හිටපු එකම එක්කෙනා තමා මගේ සුන්දර සිතුවිලි අහුර..ඉතින් මට ඒක මහා පුදුමාකාර අත්දැකීමක්. මම උපන්නේ මෙ රජරට පිංබිම.මගේ මේ පිංබර මව්බිමේ මහා සමුදුර පරයන වැව් වලින් නාලා පිංබර ස්වර්ණමාලි කොත් සමිඳු වැඳගෙන ජය සිරි මා හාමුදුරුවොන්ගේ බෝ පත් තාලෙට ලෙලවලා එන පිං පිරුණු හීතල හුළං චිත්ත සංතාන වැව් දිය කලඹවනකොට පැන නගින සිතුවිලි ‍රැල්ල ඇඟිලි තුඩු එක්ක දඟ කරලා පන්හිඳ දිගේ පත් ඉරුවකට බහිනවා.. ...

මගේ කවි සිත...

සුවහසක් දනන්     ගත සිත සනහන                 පිංබර වෙදෙක් වන්නට තැනුවද..               වෙද නලාව උරුම වන්නට යන දෑතට පන්හිඳද හුරු වනු පිණිස ත්... මගේ සිත් ගැඹරේ පෙ‍රැලි කරන කව් සිතිවිලි පෙරලනු රිසිනුත් අදහස් කලෙමි සරසන්නට පිටක් විද්‍යුත් මසිත පුරා දුවවිත් පෙ‍රැලි කොට පන්හිඳ තුඩග සමග පෙ‍රැලෙන කව් පද කවියකට.. ඉතින් සුහද මා හිතැති                    සනහන්න සිත ඔබේ ගෙන සිත් තුරුලට ම කව් පද....