Posts

Showing posts with the label කෙටි කථා..

දැන් ඉතින් හිනැහෙන්න.....

Image
 "දඩාස්....!" හඬින් පියවි සිහියට පැමිණි මා වහා තිරිංග තද කළෙමි. මාගේ සිව් සක සී මාළිගාවෙන් එලියට බට මා දු‍ටුවේ ලේ විලක් මැද වැටී සිටින පුංචි දරු පැටවකුගේ වේදනාබර අසරණ මුහුනත් කඩි ‍රැලක් මෙන් වහ වහා එතැනට ‍රැස් වන ගම්මු සමූහයත්ය.හැකි ඉක්මනින් ගම්මුන් කිහිප දෙනෙකු සමග දරු පැටියා වාහනයට දමා ගත් මා එක හුස්මට ගමෙහි රෝහල බලා වාහනය දිවවූවෙමි.නමුදු එක් වෛද්‍යවරයෙකු හෝ ග්‍රාමීය රෝහලෙහි ඒ දුෂ්කර නොසිටි බැවිනුත් එකදු ගිලන් රථයක් වත් නොතිබූ බැවිනුත් මා හට නගරය කරාම රිය පදවන්නට සිදු විය. වාහනයෙන් බැස ඒ කලබලකාරී නවලෝකය පුරාම සිසාරා දිවූ මා නෙත් අවසානයේ සුදේශ් ගේ රුව සොයා ගත්තේය. "මචං,මේ දරු සතා මගේ වෙහිකල් එකෙනුයි ඇක්සිඩන්ට් වුනේ.හොඳටම අමාරුයි වගේ.පොඩ්ඩක් බලහං මචන්....." සිදු වූ සිද්ධිය නිසා මහත් සිත් තැවුලකින් පසු වූ මා හට තවත් කිසිවක් එතැන සිදු කිරීමට නොතිබුණි.ඒ මා සමග පාසැල් අවධියේ සිටම ඉතා කුලුපග මිතුරකු වූ,ඒ වන විට නවලෝක රෝහලෙහි සැත්කම් භාර ප්‍රධාන වෛද්‍යවරයා වූ සුදේශ් විසින් සියල්ල හොඳින් සිදු කරමින් තිබූ බැවිනි. මා සමග වාහනයේ පැමිණි ගැමියන් මොන මොනව ද මා වටා සිට කිය...

මුවැත්තියකගේ උණුසුම...

Image
හෝව්.!හෝව්.! හෝව්.! යැයි කෙතරම් මා කෑ ගැසුවද මාගේ ශබ්දය පරදා කබල් රතු පැහැබස් රථය කලු දුම් වලාවක නොපෙනී ගියේය. "අපරාදේ මහත්තයා තව විනාඩි පහක් ඉස්සර වුණානම් ඒකේ යන්න තිබුණා.ඔය කැබිතිගොල්ලෑවට යන අන්තිම බස් එක.." බස් රථයෙන් බැස ගත් තලත්තෑනි අයෙකු පැවසූයේ කෝපය වෙලාගත් ම'සිත ට යම් කලකිරීමක් ද ඇති කරමිනි.වේලාව රාත්‍රී දොළහට ආසන්න ව තිබූ නිසාත් අනුරාධ නුවරට මා අමුත්තෙකු වූ නිසාත් එදා ‍රැය බස් නැවතුමෙහි ගෙවනවා හැරෙන්නට මට වෙන විකල්පයක් නොතිබුනි.මා අත වූ බ‍රැති ගමන් මල්ල පසෙකින් තැබූ මා බස් නැවතුමෙහි වූ කබල් ලී බංකුවකට බර වූයේ මිරිස්සේ සිට පැය ගනනාවක් බස් වල පැමිණ ඇතිව තිබූ තෙහෙට්‍ටුව මදකටහෝ නිවා ගන්නා අටියෙනි.තෙහෙට්‍ටුව හා නිදිබර බව රජ යමින් තිබූ අඩවන් දෑස් පියන් පත් වැසෙන්නට ඔන්න මෙන්න තිබියදී මා හට රාත්‍රී දොළහ කණිසම වදිනු ඇසිණි.එකෙණිහිම මා නෙත ගැ‍ටුනේ වචනයේ පරිසමාප්තියෙන්ම සුන්දර කාන්තා රුවකි. "අයියා කොහාටද යන්නේ...?" රූපයටම සරි කටහඬකින් ඇසූවද, "කැබිතිගොල්ලෑවට" යි කෙටි පිලිතුරකින් මා නිහඬ වූයේ ගමන් මහන්සිය නිසාවෙන්මය. ''අයියලාගේ ගෙවල් එහෙද?...