දැන් ඉතින් හිනැහෙන්න.....
"දඩාස්....!" හඬින් පියවි සිහියට පැමිණි මා වහා තිරිංග තද කළෙමි. මාගේ සිව් සක සී මාළිගාවෙන් එලියට බට මා දුටුවේ ලේ විලක් මැද වැටී සිටින පුංචි දරු පැටවකුගේ වේදනාබර අසරණ මුහුනත් කඩි රැලක් මෙන් වහ වහා එතැනට රැස් වන ගම්මු සමූහයත්ය.හැකි ඉක්මනින් ගම්මුන් කිහිප දෙනෙකු සමග දරු පැටියා වාහනයට දමා ගත් මා එක හුස්මට ගමෙහි රෝහල බලා වාහනය දිවවූවෙමි.නමුදු එක් වෛද්‍යවරයෙකු හෝ ග්‍රාමීය රෝහලෙහි ඒ දුෂ්කර නොසිටි බැවිනුත් එකදු ගිලන් රථයක් වත් නොතිබූ බැවිනුත් මා හට නගරය කරාම රිය පදවන්නට සිදු විය. වාහනයෙන් බැස ඒ කලබලකාරී නවලෝකය පුරාම සිසාරා දිවූ මා නෙත් අවසානයේ සුදේශ් ගේ රුව සොයා ගත්තේය. "මචං,මේ දරු සතා මගේ වෙහිකල් එකෙනුයි ඇක්සිඩන්ට් වුනේ.හොඳටම අමාරුයි වගේ.පොඩ්ඩක් බලහං මචන්....." සිදු වූ සිද්ධිය නිසා මහත් සිත් තැවුලකින් පසු වූ මා හට තවත් කිසිවක් එතැන සිදු කිරීමට නොතිබුණි.ඒ මා සමග පාසැල් අවධියේ සිටම ඉතා කුලුපග මිතුරකු වූ,ඒ වන විට නවලෝක රෝහලෙහි සැත්කම් භාර ප්‍රධාන වෛද්‍යවරයා වූ සුදේශ් විසින් සියල්ල හොඳින් සිදු කරමින් තිබූ බැවිනි. මා සමග වාහනයේ පැමිණි ගැමියන් මොන මොනව ද මා වටා සිට කිය...