ඒන්ජල්......


එය සුන්දර සිංහරාජයයි!
ජීවිතය අරමුණකින් තොරව ගලා ගිය කාල සීමාවක සිංහරාජයේ සුන්දරත්වය විඳිනු වස් ගියෙමි.අනුරාධපුරයේ සිට කලවාන හරහා සිංහරාජයට වූ වෙහෙසකර ගමන නිසාවෙන් ගත මහත් විඩාවකට පත්ව තිබූ නමුදු සිත නම් පෙරටත් වඩා පිබිදුණු සෙයක් හැඟුණි.ඒ මනස්කාන්ත සිංහරාජයට සිත වශී වී තිබූ නිසාවෙනි.දින දෙකක චාරිකාවක් වූ හෙයින් අප සිංහරාජ සොඳුරු නවාතැනෙහි ලැගුම් ගන්නට ඒ වන විටත් තීරණය කොට තිබුණි.තරමක් ඉහල භූමියක පිහිටා තිබූ එම නවාතැනෙහි සිට පහල බැලූ විට මන්ස්කාන්ත දිය කොමළියකි.


"යමුද මචං නා ගන්නවත්...?"


මහත් විඩාවට පත්ව තිබූ ගත ඒ වන විට සිහිල් දිය බිඳක පහස අයදිමින් තිබූ නිසාවෙන් අප නඩයේ තරුණයින් පිරිස දියට බසින්නට විය.
විශ්මයකි!    
  
  "තාරුණ්‍ය විසින් වෙලා ගත්
    දඩබ්බර කොලු හිතක්
    තනිකම අරක් ගෙන   
    නිරුදක කතරක් වූ කල
    ආදරය නම් සීත පවනැල්ල මුසු වූ
    සුන්දර මල් සුවඳ එබිකම් කරන කල
    දැනෙන සුවය කෙතරම් මිහිරිද...."


සීත දිය මැද පිපි සුන්දර පියුමක් වන් ආගන්තුක සොඳුරු රුවක් මාගේ නෙතු පැහැර ගෙන තිබුණි..
සීතල දිය විසින් ඇඟට ඇලවූ දිය රෙද්දත්,ඉන දක්වා කඩා හැලෙන කෙස් කළඹත්,දිය බිඳු සිප ගත් නිකැලැල් වත කමලත්..මාගේ සිත නුපුරුදු ආගන්තුක හැඟීමකින් පුරවාලන්නට සමත් වී තිබිණි...


"මොකද බං ඔතනට වෙලා ගල් ගිල්ලා වගේ කරන්නේ ..නාන්න හිතක් නැද් ද?."


සිහින ලොවක කිමිදී සිටි මා මිතුරන්ගේ බසින් පියවි සිහියට පැමිණියෙමි....කඩිමුඩියේ දියට බැස්සත් මාගේ නෙතු තවමත් මා සතුව නොතිබිණි.
ආහ්! ඒ වන විට සුන්දර සිනහ මලක් මා වෙත පාවී එමින් තිබිණි.....මා හිනාවෙන්නේ කෙලෙසද...මට සිනහවීමට අමතකව තිබිණි.
තවත් පමා විය යුතු නැත.එක් වදනත් හෝ ඒ සුන්දර මුවින් සවන් ගත විය යුතුය.මහත් වූ බලපොරොත්තු පොදි බැඳ මා ඇය දෙසට පිය මනින්නට සූදා නම් වුණා පමණි.


"අම්මේ....!" 


කියමින් සුරතල් දරුවන් දෙදෙනෙක් ඇයගේ ඇඟේ එල්ලුනි.මාගේ හීන ලෝකය මා ඉදිරිපිට මට ඔලොක්කුවට මෙන් සිනහ වෙමින් බොඳ වී යනු මට පෙනුනි.එක් වරක් දු‍ටු පමණින් මහත් වූ බලාපොරොත්තු පොදි බඳින්නට සමත් වූ ඇය අන් සතු වස්තුවකි.එය අන් උයනක පිපුණු මලකි.දරු දෙදෙනෙකුගේ සාඩම්බර මවකි..


"තාත්තී එන්නකෝ ඉක්මනට..මට නාන්න ඕනේ.....!"


මාගේ පුතු පැටියාගේ සුරතල් අඬ ගෑම මා වසර පහලවක අතීතයෙන් වර්තමානයට ඇද දමන්නට සමත් විය.
වසර පහලවක් ඉක්ම ගියද ඒ නන්නාඳුනන්නිය පිලිඹඳ මතකය මා ඉදිරිපිට චිත්‍රපටයක් මෙන් දිග හැරුනේ ඇයි? ඇය දැන් කොහේ ඇත්ද?


අතීතය අපෙන් ඉවතට තල්ලු කොට අප වර්තමානය හරහා අනාගතයට ඇද දමන්නට කාලයාට හැකි වුවද කාලයාට ඒ අතීතයේ ඇතැම් සොඳුරු  මතකයන් වෙතින් අප ඉවතට තල්ලු කරන්නට නම් නොහැක.එය සිදු  කළ හැක්කේ මාරයාට පමණි.
නමුත් කාලයා හා මාරයා එක් වූ කල නම් අපිට ගැල වීමක් නැත.

Comments

  1. හ්ම්ම්..."අන් සතු මලකට" සින්දුව මතක් උනා මට :)

    ReplyDelete
  2. අමතක නොවන මතක....

    ReplyDelete
  3. කියල කට ගන්න කොටම පෝස්ට් එකක් දාල තියෙන්නෙ, කියෙව්වෙ නෑ, දැන් වැඩට යන්න තියෙනව. කියෝලම කොමෙන්ට් කොරන්නං.

    ReplyDelete
  4. ආ..... මේ තියෙන්නේ..
    පට්ටයි ආ....... :) :)
    ගලයගේ ලිවීමේ හැකියාව නම් අතිවිශිෂ්ටයි... ජයවේවා!!

    ReplyDelete
  5. ඔය හැමතැනම දුවන සිත නවතින තැන් තියනවා නේද .. අන්න ඒ තැන් තමයි භයානක ...

    ReplyDelete
  6. අමතක නොවන මතක ගොඩක් වෙලාවට අපේ හිත් පාරවනවා...

    ReplyDelete
  7. ගලයා මල්ලි ලියන විදිහ නම් පට්ට ඈ.
    මල්ලි සිංහරාජේ ගිහින් තියෙන්නේ කුඩව වැද්දාගල පාරෙන් නේ. අර පොතුපිටිය ගම එහෙම අහු වෙන්නේ.

    ReplyDelete
  8. මල්සරා බැල්ම හෙලා..
    උඹේ සිතට කොදුරනවා...
    රන් මලි දැක්ක ගමන්
    මල් වාරන් කියවෙනවා....

    අනේ අපොයි...
    ඇ බන් ගලේ අන්සතු මල් වලට බැල්ම දාලා වැඩ අනාගන්න එපෝ...

    මතකයන් අමතක කෙරුවත්
    අමතක වෙන්නේ නෑ...
    ඔබ එපා යයි සිත කීවත්...
    සිත එය පිලිගන්නැ...

    පෝස්ට් එක නම් එළ ඈ...

    ReplyDelete
  9. අනිවාර්‍යෙන්ම අතීතයේ සොඳුරු මතකයන් කොහොම මතු වෙනවද මන්දා එක එක වෙලාවට , විටෙක හිතුනත් අමතක වෙලාම ගිහින් කියලා..

    ReplyDelete
  10. සිංහරාජේ අපිත් ගියා නොවැ.. මොකකින්ද ගගකින් නැවත් එක්ක.. මරු අහහ්.. හිකිස්‌

    ගලාගේ පොරපිටියට අද තමයි මම ගොඩවුනේ..

    ReplyDelete
  11. ඇත්තටම අතීත මතකයන් අපේ හිත ඇතුලේ තැන්පත් වෙලා තිවිලා අපි නොහිතන වෙලාවක ආයේ මතකෙට එනවා.. ඒක වෙන්නේ කොහොමද කියන එක මටත් පුදුමයක්,.

    ReplyDelete
  12. පොස්ට් එක රස වින්දා.

    'එය සිදු කළ හැක්කේ මාරයාට පමණි.
    නමුත් කාලයා හා මාරයා එක් වූ කල නම් අපිට ගැල වීමක් නැත'
    'මාරයාගේ හෝරාව' ලියන මාරය නෙමේ නේද?

    ReplyDelete
  13. puluvannam me link eken gihin youtube eken balanna mahabharata kiyana indiyan epic eken nirmanaya kala teledrama eka..eeka thamai mama jeevithe balapu lassanama teledrama eka.hema episode ekama youtubevala thiyenava.meya minisunge jeevitha venas kala heki aakaraye apurva saha athi vishishta ganaye indian tele drama ekak.avasanaya vana vita mehe charitha samaga apuru bendeemak apata ethi venava.meya ethem vita oba naraba ethi..eya kalakata pera lankaveth vikashaya vuna.meya indiyave vikashaya vana vita ema rate paraval his vu bava pavasenava.ee kiyanne siyaluma indiyanu vesian telenatayaya naraba thibena bava.

    meya avasanaya vana thek belu kenek nisekavama lankave telenatya narabannan gena kanagatu vevi!

    meya liyana ma budhdhagame.. namuth oonema agamaka kenekuta hindu aagama padanam karagath me telenatyaya ihamath ashaven,aadarayen saha gauravayen nerambiya heki..epamanata eya thula jeevithaya,premaya,sanskruthiya saha siyallama geb vee thibenava.

    WATCHING THIS TELEDRAMA IS THE MOST BEAUTIFUL THING EVER HAPPENED TO MY LIFE..

    if you like to watsh it,search google as 'mahabharat with English subtitles'-youtube

    ReplyDelete

  14. Emails Benefit? Well, it sounds weird but Benefit is a French brand of plastic known for its use in artificial nails. The Benefit brand originated in France and is popular all over the world, as artificial nails have now become more affordable. So, if you have any doubts about artificial nails then it's probably best that you check out Benefit. Whether you want cheap Benefit nails to spruce up your personal style or you want to buy a full set of 8 beautiful artificial nails for yourself then you Buy yahoo accounts are sure to find a range of brilliant nail colors, designs, and styles online right here that will have your feet looking stunning.

    ReplyDelete
  15. Outstanding blog appreciating your endless efforts in coming up with an extraordinary content.Thank you. If anyone wants to buy phone verified social accounts check it out Buy Phone Verified Accounts

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මුවැත්තියකගේ උණුසුම...

ජීවත් වෙන්න තිබුණානම් තවත් එක දවසක්..........