Posts

ඒන්ජල්......

Image
එය සුන්දර සිංහරාජයයි! ජීවිතය අරමුණකින් තොරව ගලා ගිය කාල සීමාවක සිංහරාජයේ සුන්දරත්වය විඳිනු වස් ගියෙමි.අනුරාධපුරයේ සිට කලවාන හරහා සිංහරාජයට වූ වෙහෙසකර ගමන නිසාවෙන් ගත මහත් විඩාවකට පත්ව තිබූ නමුදු සිත නම් පෙරටත් වඩා පිබිදුණු සෙයක් හැඟුණි.ඒ මනස්කාන්ත සිංහරාජයට සිත වශී වී තිබූ නිසාවෙනි.දින දෙකක චාරිකාවක් වූ හෙයින් අප සිංහරාජ සොඳුරු නවාතැනෙහි ලැගුම් ගන්නට ඒ වන විටත් තීරණය කොට තිබුණි.තරමක් ඉහල භූමියක පිහිටා තිබූ එම නවාතැනෙහි සිට පහල බැලූ විට මන්ස්කාන්ත දිය කොමළියකි. "යමුද මචං නා ගන්නවත්...?" මහත් විඩාවට පත්ව තිබූ ගත ඒ වන විට සිහිල් දිය බිඳක පහස අයදිමින් තිබූ නිසාවෙන් අප නඩයේ තරුණයින් පිරිස දියට බසින්නට විය. විශ්මයකි!          "තාරුණ්‍ය විසින් වෙලා ගත්     දඩබ්බර කොලු හිතක්     තනිකම අරක් ගෙන        නිරුදක කතරක් වූ කල     ආදරය නම් සීත පවනැල්ල මුසු වූ     සුන්දර මල් සුවඳ එබිකම් කරන කල     දැනෙන සුවය කෙතරම් මිහිරිද...." සීත දිය මැද පිපි සුන්දර පියුමක් වන් ආගන්තුක සොඳුරු රුවක් මාගේ නෙතු පැහැර ගෙන තිබුණි.. සීතල දිය විසින් ඇඟට ඇලවූ දිය රෙද්දත්,ඉන දක්වා කඩා

ජීවත් වෙන්න තිබුණානම් තවත් එක දවසක්..........

Image
 ලස්සන කලු පාට සුන්දර ඒ වත                            කමල දිලිසෙන සුදු පාට බිම ගෑවෙන දල                      දෙපල වයිරම් වැ‍ටුණු කොම්බුව හැඩ දල                       දෙපල සිතෙහී ‍රැඳුනු ආඩම්බර ඇත්                             කෙල්ල වනයේ සිසාරා පල වැල ‍රැගෙන                        එමී මනරම් සිහිල් දිය වැල් වෙත ‍රැගෙන                 යමී ලස්සන කැලෑ මල් කඩලා ගෙනත්                    දෙමී සුන්දර අහිංසක මගෙ ආදරෙ ඔබට                   දෙමී කිචි බිචි ගාන සියොතුන් ගී නද                       බැද්දේ ගුමු ගුමු ගාන බඹරුන් ගී නද                           බැද්දේ සිලි සිලි ගාන ගස් වැල් ගී හඬ                        බැද්දේ පරයන සෙයින් ආදරයේ හඬ ‍                        රැව්දේ හමු වූ දා සිටන් මා සිත ඔබට                            බැඳී පෑ පෙම් ‍රැඟුම් තවමත් මතකෙ                         ඇතී දෙදෙනෙකු විලස වැඩ කටයුතු ඕනේ               නැතී තුන්පත් රෑන වන සලකුනු පෙනෙනු                  ඇතී සඳ දෙවි කුමරි සඳ දියරෙන්                           නාවා හිරු දෙවි කුමරු හිරු කිරණෙන්                      පිසදා ලස්ස

දැන් ඉතින් හිනැහෙන්න.....

Image
 "දඩාස්....!" හඬින් පියවි සිහියට පැමිණි මා වහා තිරිංග තද කළෙමි. මාගේ සිව් සක සී මාළිගාවෙන් එලියට බට මා දු‍ටුවේ ලේ විලක් මැද වැටී සිටින පුංචි දරු පැටවකුගේ වේදනාබර අසරණ මුහුනත් කඩි ‍රැලක් මෙන් වහ වහා එතැනට ‍රැස් වන ගම්මු සමූහයත්ය.හැකි ඉක්මනින් ගම්මුන් කිහිප දෙනෙකු සමග දරු පැටියා වාහනයට දමා ගත් මා එක හුස්මට ගමෙහි රෝහල බලා වාහනය දිවවූවෙමි.නමුදු එක් වෛද්‍යවරයෙකු හෝ ග්‍රාමීය රෝහලෙහි ඒ දුෂ්කර නොසිටි බැවිනුත් එකදු ගිලන් රථයක් වත් නොතිබූ බැවිනුත් මා හට නගරය කරාම රිය පදවන්නට සිදු විය. වාහනයෙන් බැස ඒ කලබලකාරී නවලෝකය පුරාම සිසාරා දිවූ මා නෙත් අවසානයේ සුදේශ් ගේ රුව සොයා ගත්තේය. "මචං,මේ දරු සතා මගේ වෙහිකල් එකෙනුයි ඇක්සිඩන්ට් වුනේ.හොඳටම අමාරුයි වගේ.පොඩ්ඩක් බලහං මචන්....." සිදු වූ සිද්ධිය නිසා මහත් සිත් තැවුලකින් පසු වූ මා හට තවත් කිසිවක් එතැන සිදු කිරීමට නොතිබුණි.ඒ මා සමග පාසැල් අවධියේ සිටම ඉතා කුලුපග මිතුරකු වූ,ඒ වන විට නවලෝක රෝහලෙහි සැත්කම් භාර ප්‍රධාන වෛද්‍යවරයා වූ සුදේශ් විසින් සියල්ල හොඳින් සිදු කරමින් තිබූ බැවිනි. මා සමග වාහනයේ පැමිණි ගැමියන් මොන මොනව ද මා වටා සිට කිය

මුවැත්තියකගේ උණුසුම...

Image
හෝව්.!හෝව්.! හෝව්.! යැයි කෙතරම් මා කෑ ගැසුවද මාගේ ශබ්දය පරදා කබල් රතු පැහැබස් රථය කලු දුම් වලාවක නොපෙනී ගියේය. "අපරාදේ මහත්තයා තව විනාඩි පහක් ඉස්සර වුණානම් ඒකේ යන්න තිබුණා.ඔය කැබිතිගොල්ලෑවට යන අන්තිම බස් එක.." බස් රථයෙන් බැස ගත් තලත්තෑනි අයෙකු පැවසූයේ කෝපය වෙලාගත් ම'සිත ට යම් කලකිරීමක් ද ඇති කරමිනි.වේලාව රාත්‍රී දොළහට ආසන්න ව තිබූ නිසාත් අනුරාධ නුවරට මා අමුත්තෙකු වූ නිසාත් එදා ‍රැය බස් නැවතුමෙහි ගෙවනවා හැරෙන්නට මට වෙන විකල්පයක් නොතිබුනි.මා අත වූ බ‍රැති ගමන් මල්ල පසෙකින් තැබූ මා බස් නැවතුමෙහි වූ කබල් ලී බංකුවකට බර වූයේ මිරිස්සේ සිට පැය ගනනාවක් බස් වල පැමිණ ඇතිව තිබූ තෙහෙට්‍ටුව මදකටහෝ නිවා ගන්නා අටියෙනි.තෙහෙට්‍ටුව හා නිදිබර බව රජ යමින් තිබූ අඩවන් දෑස් පියන් පත් වැසෙන්නට ඔන්න මෙන්න තිබියදී මා හට රාත්‍රී දොළහ කණිසම වදිනු ඇසිණි.එකෙණිහිම මා නෙත ගැ‍ටුනේ වචනයේ පරිසමාප්තියෙන්ම සුන්දර කාන්තා රුවකි. "අයියා කොහාටද යන්නේ...?" රූපයටම සරි කටහඬකින් ඇසූවද, "කැබිතිගොල්ලෑවට" යි කෙටි පිලිතුරකින් මා නිහඬ වූයේ ගමන් මහන්සිය නිසාවෙන්මය. ''අයියලාගේ ගෙවල් එහෙද?&quo

අසරණ හද මඬල......හඬන හඬ....

Image
නපුරු වුවත් ලොව සැරිසරන ම' වටා අසරණ ම' දෑස් තෙලිතුඩ අඳියි සිත්තමක් දුක්බර, නුදු‍ටු ලෝකය සත්තමයි.... සීත මාළිගා පියාඹා ගියත් මා පසුකර අසරණය ටින් කබල මලකඩ නොහේ කුසගිනි නිවන්නට ඔබ අපේ... අහිමිව ගියැ මුත් පිය සෙනෙහස දයාබර, මව් සෙනෙහස ආදරණීය සදහට වියනු වස් දිවි දැල සදා ලොව අඳුරු සොයුරුට හිරු වනු වස් කලෙමි නො කලයුත්තක්........ වනු මැන සමා....අසරණයි මා.....

බොඳවැ ගිය හන්තාන මීදුම...

Image
මහා පොත් කඳු වලට යටව විද්‍යාවේ යදමින් බැඳ යෞවනයේ සුන්දරත්වය අගුලු ලා නිදිබර නෙතු පියන් නොපියා දු‍ටුවත් සුන්දරත්වයේ සුබ සිහින දෑ අවුරුදු  මුලුල්ලේ තබනට අත් පොත් වෙදකමෙහි විඳින්නට අසිරිය ඔබේ තුරුලට වැද ඔබේ පුරා ස'වසක් දෙව්දියණියනි සරසවි පේරදෙණි සුන්දර මහවැලි කොමලිය පිරිමදිමින් මල් උයන සිසාරා සිප හන්තාන සැඟව යන සුන්දර සීතල මීදුම් වලාවක් සේ බොඳව ගිය අහෝ..දුක්බර.. සුන්දර හන්තාන සරසවි සිහිනය....

කොහොමද මගේ සිතුවිලි උල්පත උපදින්නේ.....

Image
ජීවිතය මහා පුදුමාකාරයි.මුතු ඇටේ ඇටේ එකතු කරලා ලස්සන මුතු මාලයක් අමුණනවා වගේ අපිත් අත්දැකීම් චුට්ට චුට්ට එකතු කරලා ලස්සන ජීවිතයක් අමුණන්න උත්සාහ කරනවා මුලු ජීවිතය පුරාවටම...මුතු බෙල්ලෙක් ඒ මුතු ඇටය බිහි කරන්න වැලි කැටයත් එක්ක පුදුම සටනක් තමා දෙන්නේ.ඒ වගේම අපිත් ජීවිතයේ අත්දැකීම් එකතු කර ගන්න සටන් කරන්න ඕන ලොකයත් එක්ක. මගේ සිත් වැව් තලේ ‍රැලි දෙන කවි සිතුවිලි පන්හිඳ අගට අරන් පත් ඉරු සරසන එකත් මට නම් මහා සුන්දර අත්දැකීමක්.ඒක ජීවිතේ එක වෙලාවකදී සිතේ ගැඹුරුම කලබලකාරී තැන මහා හාස්කමකින් වගේ සන්සුන් කරනවා.හරියට නිර්මල බුදු දහම වගේ.ඒ කියන්නේ කවියත් එක්තරා දර්ශනයක්.මගේ ජීවිතේ කව්රුවත් නැතුව මම තනි වෙච්ච වෙලාවට මගේ ලඟින්ම හිටපු එකම එක්කෙනා තමා මගේ සුන්දර සිතුවිලි අහුර..ඉතින් මට ඒක මහා පුදුමාකාර අත්දැකීමක්. මම උපන්නේ මෙ රජරට පිංබිම.මගේ මේ පිංබර මව්බිමේ මහා සමුදුර පරයන වැව් වලින් නාලා පිංබර ස්වර්ණමාලි කොත් සමිඳු වැඳගෙන ජය සිරි මා හාමුදුරුවොන්ගේ බෝ පත් තාලෙට ලෙලවලා එන පිං පිරුණු හීතල හුළං චිත්ත සංතාන වැව් දිය කලඹවනකොට පැන නගින සිතුවිලි ‍රැල්ල ඇඟිලි තුඩු එක්ක දඟ කරලා පන්හිඳ දිගේ පත් ඉරුවකට බහිනවා..