දැන් ඉතින් හිනැහෙන්න.....

 "දඩාස්....!"
හඬින් පියවි සිහියට පැමිණි මා වහා තිරිංග තද කළෙමි.
මාගේ සිව් සක සී මාළිගාවෙන් එලියට බට මා දු‍ටුවේ ලේ විලක් මැද වැටී සිටින පුංචි දරු පැටවකුගේ වේදනාබර අසරණ මුහුනත් කඩි ‍රැලක් මෙන් වහ වහා එතැනට ‍රැස් වන ගම්මු සමූහයත්ය.හැකි ඉක්මනින් ගම්මුන් කිහිප දෙනෙකු සමග දරු පැටියා වාහනයට දමා ගත් මා එක හුස්මට ගමෙහි රෝහල බලා වාහනය දිවවූවෙමි.නමුදු එක් වෛද්‍යවරයෙකු හෝ ග්‍රාමීය රෝහලෙහි ඒ දුෂ්කර නොසිටි බැවිනුත් එකදු ගිලන් රථයක් වත් නොතිබූ බැවිනුත් මා හට නගරය කරාම රිය පදවන්නට සිදු විය.
වාහනයෙන් බැස ඒ කලබලකාරී නවලෝකය පුරාම සිසාරා දිවූ මා නෙත් අවසානයේ සුදේශ් ගේ රුව සොයා ගත්තේය.
"මචං,මේ දරු සතා මගේ වෙහිකල් එකෙනුයි ඇක්සිඩන්ට් වුනේ.හොඳටම අමාරුයි වගේ.පොඩ්ඩක් බලහං මචන්....."
සිදු වූ සිද්ධිය නිසා මහත් සිත් තැවුලකින් පසු වූ මා හට තවත් කිසිවක් එතැන සිදු කිරීමට නොතිබුණි.ඒ මා සමග පාසැල් අවධියේ සිටම ඉතා කුලුපග මිතුරකු වූ,ඒ වන විට නවලෝක රෝහලෙහි සැත්කම් භාර ප්‍රධාන වෛද්‍යවරයා වූ සුදේශ් විසින් සියල්ල හොඳින් සිදු කරමින් තිබූ බැවිනි.
මා සමග වාහනයේ පැමිණි ගැමියන් මොන මොනව ද මා වටා සිට කියමින් සිටියද මා හට ඒ එක් කතාවක වත් වැදගත්කමක් නොතිබුණි.නමුත්.ඒ අතර එක් කතාවක් තදින් මා සිත් හි වැදුණි.....
"මහත්තයා ඕක ගැන වැඩිය කරදර වෙන්න උවමනා නෑ.ඕකුන් කවදත් ගමට කරදරයක් වෙච්චි එවුන්..." අනතුර නිසාවෙන් අවුල්ව ගිය මගේ සිත එම ගැමියාගේ කතාව නිසා කුහුලින් බර විය.
"ඒ මොකද එහෙම කියන්නේ...?"
කුහුලින් බර වූ මගේ සිත මා ලවා විමසවූයේ දරුවාගේ තව තවත් තොරතුරු දැන ගන්න අටියෙනි.
"නෑ මහත්තයා,ඕකගේ අම්මා ඕකා පොඩි කාලෙම දාලා ගිහින්.ඒක ඉතින් ඒකිගේ වැ‍රැද්ද නෙවෙයි.ඕකගේ අප්පා ගමටම ඕන කසිප්පු ටික පෙරපු එකා.කොයි වෙලෙත් කට ගොන්නක් බීපු ගමන්.ඌ එක්ක මෙලෝ ගෑනියෙකුට ඉන්න පුලුවන් කියලැයි ඉතින්....."
"කෝ ඉතින් දරුවගේ තාත්තා පේන්න නෑනේ ඩිංගිරි උන්නැහේ..?"
"ඌ ඉතින් කසිප්පු වලටම දිය වෙලා ගියා..මේක ගමේ කොහෙන් හරි ගේකින් ඉල්ල කාලා තමා හැදෙන්න්නේ..."
 ගම්මුන්ගේ සිතිවිලි කෙලෙස වෙතත් එය ඇසූවත්ම දරුවා පිලිඹඳ අසීමිත දයානුකම්පාවකින් ම'සිත පිරී යන්නට විය.
ගැමියන්ගේ සිත් වල මා පිලිඹඳ වූ ගෞරවය නිසාවෙන් ඔවුන් මා අතින් සිදු වූ වරද සාධාරණීකරනය කරන්නට තැත් කලද එහි සම්පූර්ණ වරද මා අතෙහි වීම මා සිතට තදින් පහර දෙමින් තිබුණේ පෙර දින රාත්‍රියෙහි නිදි වැරූ නිසා වූ කෙඩෙත්තු ගතියත්,නිදිබර ගතියත්,ව්‍යාකූල බවත් ඒ මොහොතේ සුක්කානම හසුරවමින් තිබූ නිසාවෙනි.
"ප්‍රසන්න...."හදිසි රෝගීන්ගේ ශල්‍යාගාරය දෙසින් හදිසියේම නැඟුනේ වූයේ මා පුරා හෝරා ගනනාවක් නොඉවසිල්ලෙන් බලාපොරොත්තුව සිටි හඬයි
"කියපන් මචං පොඩි එකාට කොහොමද?
"සමාවෙයන් මචං අපි සෑහෙන්න ට්‍රයි කරා..අපි ලයිෆ් එක නම් බේර ගත්තා...ඒත්...."
"ඒත් කියන්නේ....?"
"පේෂන්ගේ ඉනෙන් පහලට සදහටම පණ නෑ..."
මා වටා අවට ලෝකය කැරකෙන්නාක් මෙන් දැනුණි.මා වහා එතැන තිබූ සෝපාවකට ඇද වැ‍ටුනෙමි.
**දැන් ඉතින් මම කුමක් කරම්ද.....?(මෙයට කළ හැකි බොහෝ දේ ඇතත් මා ම'විසින් කල යුතු නිවැරදිම දෙය කලෙමි.)
මිල-මුදල්,යාන-වාහන,වස්තු සම්පත්,තානාන්තර...මේ කිසිවකට මගේ ජීවිතයේ තවත් නම් ඉඩක් නොමැත..ඒ එතරම් ඒවායින් මාගේ ජීවිතය පිරී ඇති බැව්නි.නමුත්......පෙර කල පව් නිසාවෙන්දෝ, විවාහයෙන් සත් වසක් ඉක්ම ගියද අප සුවිසැල් මැදුර තවමත් දරු පැටවකුගේ සිනා හඬකින් පිරී නැත.කිරි සුවඳක් නිවස අසලක වත් නොමැත.
සහෘද,
තවදුරටත් ඔහු අනාථ දරුවෙක් නොවනු ඇත....අදින් පසු මා සදාදරණීය පියෙකු වනු ඇත.අප දෙපල සදාදරණීය මා පිය දෙපලක් වනු ඇත.
ගම්මුන්ට පාලමක් තනා දෙන්නට වූ ව්‍යාපෘතියේ ප්‍රධාන ඉංජිනේරුවා ලෙස ඒ ගම් පියසට පා තැබූ මා සදාකාලික අබ්බගාත කොලු පැටියෙකුට ආදරණීය පියා වන්නට යන්නෙමි. තවදුරටත් පමා විය යුතු නැත.......
ඒ දිලිසෙන අසරණ දෑස සතු‍ටු කඳුලින් තෙත් කරන්නට මා නොඉවසිල්ලෙන්......

Comments

  1. දුක හිතෙන කතාවක් !!!
    දෙමවුපියන්වේ වැරදි වලට දුක් විඳින්නේ අහිංසක දරුවෝ. මේ පවුවලට දෙමවුපියෝ වග කියන්න වෙනවා !!

    ReplyDelete
  2. "මචං,මේ දරු සතා මගේ වෙහිකල් එකෙනුයි ඇක්සිඩන්ට් වුනේ" ඇයි අනේ දරු සතා කියන්නේ????
    ඇයි අනේ දරු සතා කියන්නේ? ගලයගේ භාෂා හැසිරවීම නම් Superb!! ලස්සන කතාවක්.. හිතට දැනෙන්න ලියල තියෙනවා. :D

    ReplyDelete
  3. @ මධූ-ඔව් ඒක ඇත්ත,මේ වගේ දුක හිතෙන ඇත්ත කතා මේ පැතිවල ඕන තරම්....ටැන්කූ
    @ice-අහ්! ඒක දරුවට අනුකම්පාව වැඩි වුනාම කියන ප්‍රාදේශිය භාෂාවේ පදයක්....ටැන්කූ

    ReplyDelete
  4. දුක හිතුන කතාවක්.. මට මේක කියවද්දී මතක් උනේ අර චීනයේ විඩියෝ එක...

    ReplyDelete
  5. ඔයාට උනු දෙයක් නෙවෙයිනේද ?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මුවැත්තියකගේ උණුසුම...

ඒන්ජල්......

ජීවත් වෙන්න තිබුණානම් තවත් එක දවසක්..........