මගේ කවි සිත...


සුවහසක් දනන්    
ගත සිත සනහන               
පිංබර වෙදෙක් වන්නට
තැනුවද..             
වෙද නලාව උරුම වන්නට යන දෑතට
පන්හිඳද හුරු වනු පිණිස ත්...
මගේ සිත් ගැඹරේ පෙ‍රැලි කරන කව් සිතිවිලි
පෙරලනු රිසිනුත්
අදහස් කලෙමි සරසන්නට පිටක් විද්‍යුත්
මසිත පුරා දුවවිත්
පෙ‍රැලි කොට පන්හිඳ තුඩග සමග
පෙ‍රැලෙන කව් පද කවියකට..
ඉතින් සුහද මා හිතැති                  
සනහන්න සිත ඔබේ
ගෙන සිත් තුරුලට ම කව් පද....

Comments

  1. දොස්තර කෙනෙක් ලෙඩ්ඩුන්ව ගිලනුන් සුව පත් කරනවා වගේ තමා කවියකින් පන්හිදකින් ලියවෙන දේකින් ගිලන් සිතක් සුවපත් කරනවා.

    වෙදෙකුට පන්හිදකුත් එකතු උනාම ගතයි සිතයි දෙකම සුවපත් කරන්න පුලුවන් !!!!

    ReplyDelete
  2. ඒක නිසාමයි මම පන්හිඳට මේ තරම් ආදරේ...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මුවැත්තියකගේ උණුසුම...

ඒන්ජල්......

ජීවත් වෙන්න තිබුණානම් තවත් එක දවසක්..........