Sunday, October 30, 2011

ජීවත් වෙන්න තිබුණානම් තවත් එක දවසක්..........


 ලස්සන කලු පාට සුන්දර ඒ වත                            කමල
දිලිසෙන සුදු පාට බිම ගෑවෙන දල                      දෙපල
වයිරම් වැ‍ටුණු කොම්බුව හැඩ දල                       දෙපල
සිතෙහී ‍රැඳුනු ආඩම්බර ඇත්                             කෙල්ල

වනයේ සිසාරා පල වැල ‍රැගෙන                        එමී
මනරම් සිහිල් දිය වැල් වෙත ‍රැගෙන                 යමී
ලස්සන කැලෑ මල් කඩලා ගෙනත්                    දෙමී
සුන්දර අහිංසක මගෙ ආදරෙ ඔබට                   දෙමී

කිචි බිචි ගාන සියොතුන් ගී නද                       බැද්දේ
ගුමු ගුමු ගාන බඹරුන් ගී නද                           බැද්දේ
සිලි සිලි ගාන ගස් වැල් ගී හඬ                        බැද්දේ
පරයන සෙයින් ආදරයේ හඬ ‍                        රැව්දේ

හමු වූ දා සිටන් මා සිත ඔබට                            බැඳී
පෑ පෙම් ‍රැඟුම් තවමත් මතකෙ                         ඇතී
දෙදෙනෙකු විලස වැඩ කටයුතු ඕනේ               නැතී
තුන්පත් රෑන වන සලකුනු පෙනෙනු                  ඇතී

සඳ දෙවි කුමරි සඳ දියරෙන්                           නාවා
හිරු දෙවි කුමරු හිරු කිරණෙන්                      පිසදා
ලස්සන සිනිඳු මල් පෙත්තක                          දවටා
සුරඟන ලොවෙන් මට කිරි කැටියෙකු            එවලා

බිරිඳත් පුතුත් නිති මා ලඟමයි                          හිටියේ
දිග නා පටලගෙන වැව් මැද දිය                   කෙලියේ
තුන්පත් රෑන නිල් වන මැද රජ                           වූයේ
සුන්දර ලෙසිනි අපෙ ලෝකය ගලා                    ගියේ

හිරු ‍රැස් නපුරු ලෙස පතිතවු දුක්                  කලෙක
බොන්නට දිය පොදක් සොයමින් ගිය            දිනෙක
අටවා තිබූ මර උගුලෙක වැටි                          විටෙක
විසිරී ගියා සුන්දර ලොව අපි                            තැනුව

සඳ ඇති ‍රැයෙක ගංගා තෙර වැලි                  තලයේ
ලස්සන සුරඟනන් ආදර ගී                            ගැයුවේ
ගී හඬ පරදමින් ඔබ ආදර බස්                       දෙඩුවේ
කඳුලක් දුකක් පමනකි ඉතිරිව                       ඇත්තේ

මනසින් උසස් කීවත් මනු ලොව                    මත්තේ
තිරිසන් සතුන්ටත් තිරිසන් ගති                      ඇත්තේ
අවසන් ගමන් යන කල මා වන                      මැද්දේ
බිරිඳත් පුතුත් පමනකි අද ලඟ                        ඇත්තේ


මගෙ හද සිදුරු කල උන්ඩය දුක්                                      දෙන්නේ
බිරිඳගෙ සෙනෙහෙබර රුව ටික ටික                      බොඳවෙන්නේ
නෙතඟින් උණුහුමින් දුක් කඳුලක්                              බේරෙන්නේ
වියලුණු සුළඟ පන නල හා මිතු                                         වන්නේ
ප/ලි-මා තාලයට කිව හැකි කවි බැඳීමට පුංචි පහේ සිසුවෙකු තරම් වත් හපනෙකු නොවෙමි... 

18 comments:

  1. කවි ටික එලටම තියෙනවා මචං... කියන්න වචන නෑ.. ජය...

    ReplyDelete
  2. කවි ටික නම් පට්ට යෑ.
    ආදරය, ජීවිතය, සතුට, දුක කියන මේ දේවල් අඩු වැඩි වශයෙන් තියෙනවා. ඇත්තටම මිනිස්සු කරන වැඩ වලින් අලි කී දෙනෙක් නැති වෙනවද.
    මේවට කරන්න තියෙන්නේ විදුලි වැටවල් වගේ එවුවා හදලා අලින්ට එයාලගේ සීමාවයි මිනිස්සුන්ට එයාලගේ සීමාවයි වෙන් කරලා තියෙන එක.

    ReplyDelete
  3. කවුද බන් කියන්නේ ගලයට කවි කියන්න බැ කියලා (නැ නැ කියන්න නෙමේ ලියන්න) මම දැක්කානේ අද බ්ලොග් ගොඩක කවි ලියලා තියනවා... මාගේ සුන්දර සහෝදරයා කියන්න වචන නැ ඔබ අති විශිශ්ටයි...

    ReplyDelete
  4. දුක හිතෙන ආදර කතාවක් කවියට අරං තියෙන්නෙ, ඇත්තටම ලස්සනයි, සත්තු උනත් උන්ට කියලා ලෝකයක් තියනවානෙ ....

    ReplyDelete
  5. මං කවි කියවන්න හොරය්, ඒත් මේ කවි පේලිය නං හිතට වැදුන

    ReplyDelete
  6. කවි ටික හරි අපූරුවටම් ගලපා ඇත්තේ ...
    …මලයෝ ඉතින් තව මොනවද කිව යුත්තේ

    ReplyDelete
  7. මට නම් ඉතින් කවි බෑ. ඒ උනාට ඔයාට පුලුවන්.

    ඔය අපූරුවට කවියෙන් ලස්සන කතාවක් කියලා තියෙන්නේ....:D

    ReplyDelete
  8. අනේ දුක හිතුනා...:( කවි ටිකනම් නියමයි....

    "වියලුණු සුළඟ පන නල හා මිතු වන්නේ"

    මේ ව්‍යංගයෙන් කියන විදිය හරිම ලස්සනයි...

    ReplyDelete
  9. කාලීන මාතෘකාවක් ගලයෝ... පුදුම තරමේ සංවේදී කමක් දැනුනේ.. දිගටම කවි ලියන්න.. ගොඩක් ලස්සනයි. :D
    ජයවේවා!!

    ReplyDelete
  10. @ හැමෝටම.....ඔක්කොටම ස්තූතියි....
    මම මගේ බ්ලොග් එකේ ඔක්කොටම පොදුවේ ස්තූතියි කියන්නම්...එක එක්කෙනාට වෙන වෙනම ස්තූතියි කියන වෙලාවේ තව ඔයාලා කවුරුහරි කෙනෙක්ගේ බ්ලොග් එකක් කියවලා කොමෙන්‍ටුවක් කුරු‍ටු ගාන්නම්....

    ReplyDelete
  11. මටත් කවි පද හතරක් ගැට ගහ ගන්න බැහැ කොහොමවත්ම.. ඒ නිසාම කවි රස විඳිනවා හිත පුරාම..මම බැලුවා රූපවාහිනි වාර්තා වැඩසටහනක් අලි මිනිස් ගැටුම ගැන.. මිනිස්සු වගේම අලි ගැනත් බොහොම දුකෙන් ඉන්න වෙලාවක මේ කවි ටික කියවන කොට කඳුලක් පැන්නෙ එලියට මටත් නොදැනීමයි.. හරිම සංවේදී !

    ReplyDelete
  12. කෝ මේ කොලුවා? මේ දවස්වල හරි busy වගේ නේ?? හි හි......

    ReplyDelete
  13. ඉපදුනු මිනිස් කුලයේ අප එක රෝත්තේ
    බැලු බැලු අතම තිරිසන් ගති මයි ඇත්තේ
    අපුරුවට පද ටික ගලපා ඇත්තේ
    නෙතඟින් කඳුලකුයි එලියට පැන ගත්තේ

    ReplyDelete
  14. අද නේ බං මේ පැත්තට එවුනේ!කොමෙන්ට් එක දිගේ ආවේ!ඔව් මචෝ!මං උඹ කියපු ජාතියේ එකෙක් තමා :)

    ReplyDelete
  15. කවි ටික නම් නියමයි මලයෝ,. ජය වේවා,.

    ReplyDelete
  16. 'මම මගේ බ්ලොග් එකේ ඔක්කොටම පොදුවේ ස්තූතියි කියන්නම්...එක එක්කෙනාට වෙන වෙනම ස්තූතියි කියන වෙලාවේ තව ඔයාලා කවුරුහරි කෙනෙක්ගේ බ්ලොග් එකක් කියවලා කොමෙන්‍ටුවක් කුරු‍ටු ගාන්නම්....'

    ඉස්තූති නොකලට, කොමෙන්ට් නොදැම්මට, කමක් නෑ, බ්ලොගේ මොනවා හරි ලිව්ව නං මක් වෙයිද?

    ReplyDelete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. සිරා කවි ටික යාළු එල ජයවේව!!

    ReplyDelete