Thursday, October 20, 2011

මුවැත්තියකගේ උණුසුම...

හෝව්.!හෝව්.! හෝව්.!
යැයි කෙතරම් මා කෑ ගැසුවද මාගේ ශබ්දය පරදා කබල් රතු පැහැබස් රථය කලු දුම් වලාවක නොපෙනී ගියේය.
"අපරාදේ මහත්තයා තව විනාඩි පහක් ඉස්සර වුණානම් ඒකේ යන්න තිබුණා.ඔය කැබිතිගොල්ලෑවට යන අන්තිම බස් එක.."
බස් රථයෙන් බැස ගත් තලත්තෑනි අයෙකු පැවසූයේ කෝපය වෙලාගත් ම'සිත ට යම් කලකිරීමක් ද ඇති කරමිනි.වේලාව රාත්‍රී දොළහට ආසන්න ව තිබූ නිසාත් අනුරාධ නුවරට මා අමුත්තෙකු වූ නිසාත් එදා ‍රැය බස් නැවතුමෙහි ගෙවනවා හැරෙන්නට මට වෙන විකල්පයක් නොතිබුනි.මා අත වූ බ‍රැති ගමන් මල්ල පසෙකින් තැබූ මා බස් නැවතුමෙහි වූ කබල් ලී බංකුවකට බර වූයේ මිරිස්සේ සිට පැය ගනනාවක් බස් වල පැමිණ ඇතිව තිබූ තෙහෙට්‍ටුව මදකටහෝ නිවා ගන්නා අටියෙනි.තෙහෙට්‍ටුව හා නිදිබර බව රජ යමින් තිබූ අඩවන් දෑස් පියන් පත් වැසෙන්නට ඔන්න මෙන්න තිබියදී මා හට රාත්‍රී දොළහ කණිසම වදිනු ඇසිණි.එකෙණිහිම මා නෙත ගැ‍ටුනේ වචනයේ පරිසමාප්තියෙන්ම සුන්දර කාන්තා රුවකි.
"අයියා කොහාටද යන්නේ...?" රූපයටම සරි කටහඬකින් ඇසූවද, "කැබිතිගොල්ලෑවට" යි කෙටි පිලිතුරකින් මා නිහඬ වූයේ ගමන් මහන්සිය නිසාවෙන්මය.
''අයියලාගේ ගෙවල් එහෙද?" ඇය නැවතත් හඬ අවදි කල සැටියෙන් ඒ පිලිතුරෙන් සෑහීමකට පත් නොවූ බවක් පෙණිනි.ඉතින් මා මහා පතරංග ජාතකයම දිග හැරියෙමි.
"මම මේ මිරිස්සේ ඉඳලා,මගේ මුල් ගුරු පත් වීම එහෙට.ඒකයි එහේ යන්නේ...."


"ආ මමත් එහෙට තමා යන්නේ,මම එන්නේ ක‍ටුනායක ඉඳලා..පඩි අරගෙන ගෙදර යන ගමන්.." යි ඇසෙත්ම නොරිස්සුම වෙලා ගෙන තිබූ මා සිත ඇය පිලිඹඳ මහත් අනුකම්පාවකින් වෙලා ගන්නට වූයේ කලාපයේ යුවතියන්ගේ දුක්බර දිවිය පිලිඹඳ මා අසා තිබූ යම් යම් කරුණු නිසාවෙන් විය හැක.
තවමත් බර බෑගයත් අත දරා මා ඉදිරිපිට වූ ඇයගේ සොඳුරු බව මලානික පහන් එළියත් දෑකැත්තක් වන් දුබල සඳේ එළියත් සමග එක්ව නෙතෙහි දඟ දාන්නට විය.ලප කැලලින් තොර සුදුවන් වතත්,මුව පොව්වකුගේ මෙන් අහිංසක දිලිසෙන දෑසත්,පිරිපුන් තන යුගලත්,පුලුල් උකුලත්,සිහින් ඉඟටියත් ඇය කදිම සුන්දරියක් බව විදහා දක්වන ඇතැම් සලකුණු විය.
"මෙතනින් ඉඳ ගන්න,ආයේ බස් එකක් හෙට උදේට..අද මෙතන තමා රෑ ඉන්න වෙන්නේ.."  වෙනත් බංකුවට ඒ සුන්දරත්වයේ බර දරා ගනු නොදී මා පැවසුවෙමි.
පුරා අඩ හෝරාවක කාලයක් සොඳුරු දොඩමලුවකින් මා හද සොරා ගත් ඒ මුවැත්තිය කෙමෙන් කෙමෙන් මා ගත ස්පර්ශ වනු දැණිනි.ඒ සොඳුරු ස්පර්ශයෙන් ශෲංගාරයෙන් පිරී ඉතිර ගිය මා ගත සිත තව දුරටත් පාලනය කරගත නොහැකිවූ තැන ඇයගේ  බඳ වටා මා අත එතුණි.කිසිදු විරුද්ධත්වයක් එයට නොපෑ ඇයගේ සුන්දර දෙඅත් මා ගෙල තදින් වැළඳ ගති.


ඒ පහසින් පිබිදුනු මගේ උණුසුම් දෙතොල් ඇගේ සුන්දර වත සිසාරා, රත් පහැ පොපියන දෙතොල් මත  දිගු වේලාවක් ලැගුම් ගත්තේ නොනිමි ආසාවකිනි.ඒ දෙතොල් අත් හැරි මා දෙතොල්,කෙමෙන් උස් පහත් වන ලැම පොහොට්‍ටු මතින් ගොස්, ඇගේ ආත්මය මත නතර වුණි.මිනිස් පුලුටක් පෙනෙනට නොමැති ඒ පාලු නගරය මැද අප ආත්මයන් එක් වුනි.ඒ සුන්දරත්වයට තුරුලුව මා පුරා හෝරා කීපයක් නිදන්නට ඇත.
උදෑසන හයේ කණිසම වදින හඬට මා පිබිදෙන විටද අදුර හාත්පස අතැර ගොස් නොතිබිණ. නමුත්....ඒ සොඳුරු මුවැත්තිය මා අතැර ගොස්ය.ඒත් සමගම මාගේ පවුම් හතරක් පමණ වටිනා රන් මාලයත්,රන් අත් පලඳනාවත්,මුදල් පසුම්බියත් මා අතැර ගොස්ය..


ඒ කිසිවක් මා අත හැර ගියද ඒ සොඳුරු නිමේශයේ උණුසුම කෙදිනක වත් මා දමා නොයන බව නම් විශ්වාසය.....
                                       ********තෙවැනි ඇසින් දකින්න ලෝකය*************

18 comments:

  1. මඟ හිටියොත් තෝ නසී කිව්වලු හැක හැක හැක :)

    ReplyDelete
  2. ඒකනේ කියන්නේ ආශාව විනාසයේ ඇරබුමයි කියලා

    ReplyDelete
  3. අමතක නරන්නට නොහැකි වූ සොඳුරු නිමේෂය හැරුණු විට තමා සතු වූ ඉතුරු සියල්ලම අමතක කරන්නට සිදු වී ඇත.මිට වැඩ සිහියෙන් වැඩකලයුතු කාලයකි මේ,ලස්සනි බ්ලොග් එක යාලුවා.ඉක්මනට තවත් එකක් දාන්න.

    ReplyDelete
  4. ආසාවන් පස්සේ ගියාම ඕම වෙනවා මයේ හිතේ !!! :)
    පට්ට කතාව

    ReplyDelete
  5. දැන් හොඳයි.... පින්තූරත් වෙනස් කරල.. කමෙන්ට් තීරුවත් හොඳයි.. තව පෝස්ට් කිහිපයක් පලවෙනි පේජ් එකට එන්න හැදුවොත් ,එකවර පෝස්ට් දෙක තුනක් බලාගන්න පුලුවන් නේද ගලයෝ...

    ReplyDelete
  6. මදැයි වෙලා තියනදේ.මොලේ පාවිච්චි කරන්න කියන්නෙ ඕකට තමා :))

    අනුරාධපුරේ අලුත් බස් නැවතුමද පරණ බස් නැවතුම ගැනද ඔය කිව්වෙ?ඔයත් ඒ පළාතෙ කෙනෙක් වගෙයි?

    ReplyDelete
  7. අනුරාධපුර ටවුම ගැන නම් ඉතින් කතා කැටල වැඩක නෑ

    ජය,,

    ReplyDelete
  8. මා සිත ඇය පිලිඹඳ මහත් අනුකම්පාවකින් වෙලා ගන්නට වූයේ කලාපයේ යුවතියන්ගේ දුක්බර දිවිය පිලිඹඳ මා අසා තිබූ යම් යම් කරුණු නිසාවෙන් විය හැක.
    අනුකම්පාව භූමිකම්පාව වෙලානේ... :)

    ReplyDelete
  9. @ශශී-ඒකනේ..හික්z...........
    @දේවා-ඒ වෙලාවේ ඒ කොල්ලට ඒවා හිතුනේ නෑ..පව් අසරණයා........
    @මධූ-මෙව්වා අපි උඹලා කාට කාටත් හොඳ පාඩම්....
    @ සො.සි.-අනිවාරයෙන්ම කරනවා...

    ReplyDelete
  10. @නදී-හික්z මේ පරණම පරණ අ/පුර නගරේ...මමත් වන්නියෙම තමා.....හැඟීම් හමුවේ මහා පඬිවරුන්ද අසරණ විය හැක...
    @ගයාන්-දැන් අ/පුර මෙහෙම නෑ....දියුණුයි....මේ ඉස්සර....
    @ice-භූමිකම්පාව නිසා ගිනි කන්ද පුපුරා ගොස් ඒ ලාවා වල මා සංතක රත්තරං දියව ගියේය.....

    ReplyDelete
  11. හක් හක් හා . . . . ඔන්න ඕකනේ කියන්නේ වටින කියන ආභරණ පලඳින්න එපා කියලා . . හික්ස්

    ReplyDelete
  12. දුකා අයියලම ඉන්න එපෑ ඔය වගේ වටිනා කියල උපදේශ දෙන්න....

    ReplyDelete
  13. ඒක තමා කිසිම වටින එකක් ආයේ දාන්න එප කියල මම එයට කියන්නම් කෝ..හික්z

    ReplyDelete
  14. මම ඔය වගේ ඈත්ත සිද්ධියක් දෑක්කා පත්තරේ තිබුන.ඒකනම් කොළඹ කොටුවෙදි උන සිද්දියක්.කෝකටත් ඉතින් තෑනට සුදුසු නුවණ පාවිච්චි කරානම් හරි.

    ReplyDelete
  15. කෙළිය නේද තාප්පෙටම ?

    ReplyDelete
  16. (ගලයගේ පොර පිටියටත් ගොඩ වැදිලම බලමු මෙහේ මොකද වෙන්නේ කියලා.....)

    කතාව කියෙව්වහම මට තේරුනේ මෙහෙමයි >>
    මේ ගෑනු ළමය මෙච්චර සුරුපීනම් එයා අරගෙන යන්න ඇත්තේ එයාගේ රාජකාරියට ගැලපෙන නියම ගාන වෙන්න ඇති :)

    උඩ තියෙන කමෙන්ට් බැලුවහම මට තේරුනේ මෙන්න මෙහෙමයි >>
    තම තමන්ගේ වටිනා දේ බේරාගෙන මේ වගේ අත්දැකීම් වින්දාට කම් නැත කියලාය
    එතකොට ඒ ළමය පවුනේ :(

    ReplyDelete
  17. @ලොකු පුතා...පට්ට කොමෙන්‍ටුව ..ස්තූතියි!

    ReplyDelete