Monday, October 10, 2011

අසරණ හද මඬල......හඬන හඬ....

නපුරු වුවත් ලොව සැරිසරන ම' වටා
අසරණ ම' දෑස් තෙලිතුඩ
අඳියි සිත්තමක් දුක්බර, නුදු‍ටු ලෝකය
සත්තමයි....
සීත මාළිගා පියාඹා ගියත් මා පසුකර
අසරණය ටින් කබල මලකඩ
නොහේ කුසගිනි නිවන්නට ඔබ අපේ...
අහිමිව ගියැ මුත් පිය සෙනෙහස දයාබර,
මව් සෙනෙහස ආදරණීය සදහට
වියනු වස් දිවි දැල
සදා ලොව අඳුරු සොයුරුට හිරු වනු වස්
කලෙමි නො කලයුත්තක්........
වනු මැන සමා....අසරණයි මා.....

7 comments:

  1. අසරණකම මා අසරණ කරන කල
    සරණ වන සිතක් නොමැති කල තෙත්
    පරණ ටින් කබල සරණ වූ
    දරණ පට්ටම් වලින් නැති බරණ සුවයක්
    අරණ කින් වත් ලබමි මම මින් මතු...

    ලස්සනයි...

    ReplyDelete
  2. අපිත් ඔන්න මේ පැත්තේ ආවා කොමෙන්ටුවේ ලින්ක් එක දිගේ . .

    මේ කවිය . .

    ම්ම්ම් . .

    පින්තූරේ බොහොම ශාප් නිසා කවිය මදි වගේ දැනුනා . . .

    බලමු දිගට ලියනකොට කියවන අයට කඳුලු එන්න ලියන්න ඇහැක් වෙයි . .

    ජය වේවා

    ReplyDelete
  3. අනේ අයියලා දෙන්නට පිං...මම තාම අලුත්නේ...මම දිගටම ලියලා හදාගන්නම්....දේවා අයියා ඒ කොටස මරූ...ස්තූත්ය් දුකා අයියා...

    ReplyDelete
  4. දයාබර හදවත
    දොස් නොකියනු
    මැනවි නුඹ මට..
    දිවි හිමියෙන් රකින්නට..
    වියමත් මවක්..
    කුසගිනි සොයුරෙකුද
    හිඳින කල...
    දෑස මත මැවෙන ඒ
    මාලිගා සී මැදුරු..
    සොයා යන්නට තරම්..
    අස්වැසිල්ලක්...
    පහසුවක්...සිහිනයකවත්
    කොහිද මට...???

    ReplyDelete
  5. ඔන්න මාත් සෙට් උනා. දුකා අයියා වගේ කමෙන්ටුවේ පාර දිගේ තමා ආවේ.

    දුක හිතෙන කතාවක්. මේ වගේ වීදී දරුවෝ කී දාහක් මේ මහ පොලොවේ ජීවත් වෙනවා ඇද්ද !!

    ReplyDelete
  6. @මකුලු පැංචි-මර ලස්සන කොමෙන්‍ටුව මම ගොඩ පාරක් කියෙව්වා
    @මධූ අයියා- ඒක තමා ස්තූති කොමෙන්‍ටුවට

    ReplyDelete