ජීවත් වෙන්න තිබුණානම් තවත් එක දවසක්..........
ලස්සන කලු පාට සුන්දර ඒ වත කමල දිලිසෙන සුදු පාට බිම ගෑවෙන දල දෙපල වයිරම් වැටුණු කොම්බුව හැඩ දල දෙපල සිතෙහී රැඳුනු ආඩම්බර ඇත් කෙල්ල වනයේ සිසාරා පල වැල රැගෙන එමී මනරම් සිහිල් දිය වැල් වෙත රැගෙන යමී ලස්සන කැලෑ මල් කඩලා ගෙනත් දෙමී සුන්දර අහිංසක මගෙ ආදරෙ ඔබට දෙමී කිචි බිචි ගාන සියොතුන් ගී නද බැද්දේ ගුමු ගුමු ගාන බඹරුන් ගී නද බැද්දේ සිලි සිලි ගාන ගස් වැල් ගී හඬ බැද්දේ පරයන සෙයින් ආදරයේ හඬ රැව්දේ හමු වූ දා සිටන් මා සිත ඔබට බැඳී පෑ පෙම් රැඟුම් තවමත් මතකෙ ඇතී දෙදෙනෙකු විලස වැඩ කටයුතු ඕනේ නැතී තුන්පත් රෑන වන සලකුනු පෙනෙනු ඇතී සඳ දෙවි කුමරි සඳ දියරෙන් නාවා හිරු දෙවි කුමරු හිරු කිරණෙන් පිසදා ලස්ස