අසරණදෝ අද ඔබ,,,,,, අම්මේ.....

කරුණාවේ පාට පොද ආදර දියෙන් කලතා
කඳුලු මිණි කැට තෙලිතුඩගට ගෙන
සිත්තම් කලා ඔබ එදා සෙනෙහසින් සිතුවමක්
දාරක සෙනෙහසේ නාමයෙන්
ඒ සිත්තමම උදෙසා වියැකුනත් ඔබේ ආත්මය..
ආදරයේ සොඳුරුතම ප්‍රතිමූර්තිය වුනා ඔබ
පෙරදිනක අම්මේ...
ඒත්...
දුබලව ගිය කල ආත්මය ඔබේ
ඔබ ආදර දියෙන් සිත්තම් කල
ඒ සොඳුරු සිත්තම
කෙලෙසද දියැව ගියේ..
අධර්මයේ අනෝරා වරුසාවෙන්
ආදරණීය අතීතයක දරු සෙනෙහසක මතකයන්
නිවූවත් ඔබේ හිතෙ ගින්දර...
කවුරුන්දෝ නිවන්නේ කුස ගින්දර ඔබේ..
ආදරණීය,,,අසරණ අම්මේ......

Comments

  1. අම්මා කෙනෙකුගේ ආදරේ නම් කියලා නිම කරන්න බෑ. ඒ තරමටම උත්තරීතරයි !!! පිවිතුරුයි !!! නිර්මලයි !!!

    ReplyDelete
  2. ඒත් හැමෝම ඒ ආදරේ තේරුම ගන්නේ නැති එක තමා දුක..........

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මුවැත්තියකගේ උණුසුම...

ඒන්ජල්......

ජීවත් වෙන්න තිබුණානම් තවත් එක දවසක්..........