කොහොමද මගේ සිතුවිලි උල්පත උපදින්නේ.....

ජීවිතය මහා පුදුමාකාරයි.මුතු ඇටේ ඇටේ එකතු කරලා ලස්සන මුතු මාලයක් අමුණනවා වගේ අපිත් අත්දැකීම් චුට්ට චුට්ට එකතු කරලා ලස්සන ජීවිතයක් අමුණන්න උත්සාහ කරනවා මුලු ජීවිතය පුරාවටම...මුතු බෙල්ලෙක් ඒ මුතු ඇටය බිහි කරන්න වැලි කැටයත් එක්ක පුදුම සටනක් තමා දෙන්නේ.ඒ වගේම අපිත් ජීවිතයේ අත්දැකීම් එකතු කර ගන්න සටන් කරන්න ඕන ලොකයත් එක්ක.
මගේ සිත් වැව් තලේ ‍රැලි දෙන කවි සිතුවිලි පන්හිඳ අගට අරන් පත් ඉරු සරසන එකත් මට නම් මහා සුන්දර අත්දැකීමක්.ඒක ජීවිතේ එක වෙලාවකදී සිතේ ගැඹුරුම කලබලකාරී තැන මහා හාස්කමකින් වගේ සන්සුන් කරනවා.හරියට නිර්මල බුදු දහම වගේ.ඒ කියන්නේ කවියත් එක්තරා දර්ශනයක්.මගේ ජීවිතේ කව්රුවත් නැතුව මම තනි වෙච්ච වෙලාවට මගේ ලඟින්ම හිටපු එකම එක්කෙනා තමා මගේ සුන්දර සිතුවිලි අහුර..ඉතින් මට ඒක මහා පුදුමාකාර අත්දැකීමක්.
මම උපන්නේ මෙ රජරට පිංබිම.මගේ මේ පිංබර මව්බිමේ මහා සමුදුර පරයන වැව් වලින් නාලා පිංබර ස්වර්ණමාලි කොත් සමිඳු වැඳගෙන ජය සිරි මා හාමුදුරුවොන්ගේ බෝ පත් තාලෙට ලෙලවලා එන පිං පිරුණු හීතල හුළං චිත්ත සංතාන වැව් දිය කලඹවනකොට පැන නගින සිතුවිලි ‍රැල්ල ඇඟිලි තුඩු එක්ක දඟ කරලා පන්හිඳ දිගේ පත් ඉරුවකට බහිනවා..
මෙ තියෙන්නේ ඒ සීතල සිතුවිලි ‍තෝතැන්න....
කවි සිත් මල් යායක සිත් වල පීදුනු මල් කැකුලු...
එහෙමයි මගේ සිත් මඬල කව් මාලෙන් සැරසෙන්නේ......

Comments

  1. අත්දැකීම් එක එක ජිවිතේට එකතු උනාම තමා ජීවිතේ ලස්සන වෙන්නේ. හරියට අර කිව්වා වගේ මුතු එක එක එකතු උනාම මුතු මාලේ ලස්සන වෙනවා වගේ !!!1

    ReplyDelete
  2. ඒක තමා අයියා ස්තූතියි...කොමෙන්‍ටුවට

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මුවැත්තියකගේ උණුසුම...

ඒන්ජල්......

ජීවත් වෙන්න තිබුණානම් තවත් එක දවසක්..........