බොඳවැ ගිය හන්තාන මීදුම...

මහා පොත් කඳු වලට යටව
විද්‍යාවේ යදමින් බැඳ
යෞවනයේ සුන්දරත්වය අගුලු ලා
නිදිබර නෙතු පියන් නොපියා
දු‍ටුවත් සුන්දරත්වයේ සුබ සිහින
දෑ අවුරුදු  මුලුල්ලේ
තබනට අත් පොත් වෙදකමෙහි
විඳින්නට අසිරිය ඔබේ
තුරුලට වැද ඔබේ
පුරා ස'වසක්
දෙව්දියණියනි සරසවි පේරදෙණි සුන්දර
මහවැලි කොමලිය පිරිමදිමින්
මල් උයන සිසාරා සිප
හන්තාන සැඟව යන
සුන්දර සීතල මීදුම් වලාවක් සේ
බොඳව ගිය
අහෝ..දුක්බර..

සුන්දර හන්තාන සරසවි සිහිනය....

Comments

  1. අඩෝ.. උඹත් පේරා බුවෙක්ද? එලාස්...

    ReplyDelete
  2. නෑ නෑ මේක බොඳව ගිය හන්තාන මීදුමක් විතරයි...මම රජරට මෙඩ්ඩෙක්....කොහොම වුනත් බිඟූ...මේ අහසේ අලුත් කවි සඳක් වෙන්න try කරන මට ඉර එලිය දුන්නට හද පත්ලෙන්.....තුති මල්........

    ReplyDelete
  3. කලාවට විෂයානුබද්ධ,ආගමානුබද්ධ හෝ ජනවර්ගානුබද්ධ සීමා බන්ධන නෑ එබැවින් උපන් ලෙහි ඇති කලා හුරුකම් විදහන්නට පැකිලෙන්නට එපා..එයට මට දිය හැකි නිදසුන මා පමණයි..හොඳ අදහස් තියනවා දිගටම ලියන්න..

    ReplyDelete
  4. ඔව් අයියා ...මම දිගටම ලියනවා.....ස්තූතියි....පිං.......මට උපදෙස් දෙන්න...මට දියුනු වෙන්න...

    ReplyDelete
  5. හන්තාන සරසවි සිහිනය බොඳ උනාට වෙද සිහිනය බොඳ වෙලා නෑ නෙව. ඒ නිසා ඒක ගැන හිතලා සතුටු වෙන්න. නිවාඩු දවසක හන්තානේ එන්න බැරුව යෑ !!!

    ReplyDelete
  6. එනවා අනිවා මගෙ ආසම වාසිටිය...(මම හිතන්නේ වාසිටිය=සරසවිය)

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මුවැත්තියකගේ උණුසුම...

ඒන්ජල්......

ජීවත් වෙන්න තිබුණානම් තවත් එක දවසක්..........